Sunday, August 24, 2014

පිටසක්වල ජිවීන් ඇති බවට හොඳම සාක්කිය ලංකාවෙන්

පෘතුවියෙන් සැතපුම් 260 ක දුරින්  පිහිටි ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයකදී  සොයාගත් උල්කා කැබැලි අංශු වල සිටි ඩයටම ජීවී විශේෂ හා පොළොන්නරුව අරලගංවිලට කඩා වැටුණු උල්කාපාත වල සජීවී ඩයටම ජිවී විශේෂ එක සමාන බවත් පෘතුවියෙන් ඔබ්බෙහි ජීවයක් පවතින බවට  ප්‍රබල සාක්කියක් ලැබීමෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරව පිළිගැනීමක් ලැබෙන බවත් එන්ගලන්තයේ බකිංහැම් විශ්ව විද්‍යාලයයේ තාරකා අංශයේ  අධ්‍යක්ෂ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා ස්කයිෆ් තාක්ෂණය ඔස්සේ පැවැසීය.
ඩයටම යනු ඒක සෛල ඇල්ගී වර්ගයකි.ඒවායේ පොසිල තැන්පතු ද සොයාගෙන ඇත.
පොළෝ මට්ටමේ සිට කිලෝමීටර් 400ක දුරින් පිහිටි ජාත්‍යන්තර අභයවකාශ මධ්‍යස්ථානයේ පිරිසිදු කිරීමේ නිරතවී සිටි රුසියානු ගගනගාමීන් දෙනෙකු හට පසුගිය 19 වැනිදා මේ උල්කාශ්ම කැබැලි අංශූ හමු වී ඇත.ඔවුන් මේ කැබැලි අංශු වල ජීවයක් පවතින බවත් එහි මුහුදු ප්ලවාංග සහිත සජිවී ඩයටම කාණ්ඩයේ ජීවීන් වෙසෙන බවත් ජාත්‍යන්තර මාධ්‍යට කරුණු දක්වා ඇත.
වායු රික්තයක් පවතින අවකාශයේ ඉදි කළ ජාත්‍යන්තර අභ්‍යවකාශයේ තිබී හමු වී ඇති  උල්කාශ්මයන්ගේ පවතින ජීවී කොටස්වල හා අරලගංවිල උල්කාශ්මයේ පවතින ජිවීකොටස්වල සමාන බව ඉදිරියේදි  ජාත්‍යන්තර මාධ්‍යට ලබා දෙන බවත් මහාචාර්ය වික්‍රමසිංහ පැවසීය.
අධික ඝන උෂ්ණත්වයක් පවතින අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ  ජනේලයක රැදි  මුහුදු ප්ලාවංහ සහිත උල්කාශ්මීය  අංශු වලින්  රුසියාව  විශ්වීය ජීවිය පිළිබ ලැබු නව සොයාගැනීමක් ලෙස හුවා දක්වයි.
2012 දෙසැම්බර් 29 වැනිදා පොළොන්නරුවෙන් අරලගංවිලට පතිත වු උල්කාශ්මයේ මුහුදු ප්ලවාංග දකින්නට ලැබීම  සුවිශේෂි  කරුණක් බව ලෝක විද්‍යාඥයින්ගේ  කමිටුවේ මෙන්ම  ජාත්‍යන්තර  විද්‍යාත්මක සඟරාවේද  මීට පෙර සඳහන් වු බව මහාචාර්ය වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
ජාත්‍යන්තරව පෘතුවියටත් එපිට ජීවයක් පවතින බවට උල්කාශ්ම මගින් මුලින්ම සොයා ගැනීම ශ්‍රී ලංකාවට කීර්තියක් බව  මහින්ද රාජපක්ෂ ජනපති ද පසුගිය වර මහාචාර්ය වික්‍රමසිංහ මහතා මෙරටට පැමිණි අවස්ථාවේදී ප්‍රකාශ කළේය.
නාසා ආයතනයේ ප්‍රකට තාරකා විද්‍යාඥ මහාචාර්ය ය රිචර්ඩ් බී හුවර් මහතා ද ලංකාවට පතිත වු උල්කාශ්මයේ  ජීවයක් පවතින බවත්  එහිදී සොයාගත් ඩයටම කාණ්ඩයේ ජීවී විශේෂ රුසියානු  ගගනගාමීන් සොයාගත් උල්කාශ්ම අංශුවල ඩයටම  ජීවී කොටස්  හා සමාන බව  ශ්‍රී ලංකා තාරකා විද්‍යාඥ  ‘අපි ‘ එකමුතුවෙහි  සභාපති වෛද්‍ය පර්යේෂණ ආයතනයේ විද්‍යාඥ කීර්ති වික්‍රමරත්න මහතාට දන්වා ඇත.

Tuesday, August 19, 2014

විදුලි ඒකකයක මිල වැඩිම රට ලංකාවයි.


  'බටහිර යුරෝපයේ ශ්‍රී ලංකාවට ඉහළින්                සිටින්නේ ඉතාලිය පමණයි'
ශ්‍රී ලංකාවේ එක් විදුලි ඒකකයක මිල ඔස්ට්‍රේලියාව, සිංගප්පූරුව, කැනඩාව, ජර්මනිය සහ ප්‍රංශය වැනි රටවලටත් වඩා වැඩි බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය සිරිමල් අබේරත්න ප්‍රකාශ කරයි.
රාජ්‍ය ආයතනවල පවතින අකාර්යක්‍ෂමතාව සහ නව ප්‍රතිසංස්කරණ ඇති නොවීම නිසා ලංකාවේ ජනතාවට විදුලි බිල සඳහා අධික මුදලක් දරන්නට සිදු වී ඇති බවයි ඔහු පවසන්නේ.

'බර ජනතාවට'

බීබීසීයේ තිසර රතුවිතාන සමඟ සාකච්ඡාවකට එක් වෙමින් මහාචාර්ය සිරිමල් අබේරත්න තවදුරටත් කියා සිටියේ තමා සතු වාර්තාවට අනුව බටහිර යුරෝපයේ රටවල විදුලි ඒකකයක මිල ලැයිස්තු ගත කරද්දී ශ්‍රී ලංකාවට ඉහළින් සිටින්නේ ඉතාලිය පමණක් බවයි.
‘ප්‍රධාන වශයෙන්, රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය නොකිරීම නිසා ඒ බර ජනතාවට දරන්නට සිදු වෙලා තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් ඇතැම් රාජ්‍ය ආයතන වල අයිතිකරු කවුද යන්න ප්‍රශ්නයක්. ඒ නිසා ගන්නා තීරණ පිළිබඳව සියලු දෙනා වගකීමෙන් නිදහස් වෙලා තියෙනවා.’ මහාචාර්ය අබේරත්න පැවසීය.

අධිකාරිත්වය

තනි ආයතනයක අධිකාරිත්වය පැවතීම නීති ගත වන අයුරින් සැලසුම් සකස් කර තිබීම නිසා කෙතරම් මිල අධික වුවත් පාරිභෝගිකයාට ඊට එරෙහිව නැගී සිටීමට නොහැකි තත්වයක් උදා වී ඇති බවද ඔහු පවසයි.


ආයතනය තුළ කම් සැප ලබද්දී ඇමති ඩිලාන් බිරිඳට අහුවෙයි

ඔත්තුව නිමල් සිරිපාලගෙන්?

 විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා බත්තරමුල්ලේ පිහිටි සිය කාර්යාලයේ විවේක කුටියකදී එහි තරුණියක සමඟ කම් සැප ලබද්දී බිරිඳට හසුවී තිබේ. 

ඩිලාන්ගේ ආයතනයේ සේවය කරන එම තරුණිය ඔහුගේ මාධ්‍ය කටයුතු මෙහෙයවන සේවිකාවකි. 

ඇය හා අනඟ රැඟුම් පාමින් සිටියදී එහි කඩා වැදුනු ඇමති බිරිඳ විසින් ඔවුන් දෙදෙනාටම තීන්ත බාල්දියකින් සහ අතින් පයින් පහර දී එළවා දමා ඇතැයි වාර්තා වෙයි. 

ඇමතිවරයා මෙලෙස අනඟ රැඟුමක් පාමින් සිටින බව ඩිලාන්ගේ බිරිඳට ඔත්තුව දී ඇත්තේ නිමල් සිරිපාල ඇමතිවරයා විසිනි. නිමල් සිරිපාල යනු මේ ආකාරයෙන්ම සිය කාර්යාලය තුල ආයතනයේ තරුණියන් හා කම් සැප ලබන අතරේදී බිරිඳගේ අතටම හසුරූ තවත් ඇමතිවරයෙකි.

 මෙම සිද්ධියෙන් පසු තීන්ත බාල්දි ප‍්‍රහාරයට ලක් වූ තරුණිය සේවයට පැමිණ නැති අතර ඩිලාන් ඇමතිවරයා තීන්ත පැල්ලම් යනතුරු ප්‍රසිද්ධ කටයුතු වලට සහභාගී නොවී රහස් ජීවිතයක් ගතකර තිබේ අනතුරුව හොර රහසේ ශරීරය පුරා තිබූ තීන්ත පැල්ලම් ඉවත් කරගැනීමෙන් පසු ඔහු හීන් සීරුවේ ඌවේ මැතිවරණ වේදිකාවට ගොඩ වී සිටී.