විමල් වීරවංස ඇමතිවරයාගේ පක්ෂයේ නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී ජයන්ත විජේසේකර මහතා විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
තම පක්ෂය විසින් ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ යෝජනා 12 විමල් වීරවංස ඇමතිවරයා පාවාදී ඇතැයිද ආන්ඩුවේ රෙදි සේදීමේ කොන්ත‍්‍රාත්තුව බාරගෙන සිටින තම පක්ෂයේ නායකයාට වඩා පිවිතුරු හෙටක් සංවිධානයේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට කෂේරුකාවක් ඇතැයිද පවසා ඇති ජයන්ත විජේසේකර ඇමතිවරයා මෙවන් දේශපාලන අපතයන් සමඟ වැඩකිරීමට වඩා විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහාය දිම වඩාත් උචිත යයි ද ප‍්‍රකාශ කර ඇත.
Monday, November 24, 2014
Friday, November 21, 2014
මෛත්‍රීපාල සහය දෙන්න ආපු විමල්ව ප්‍රතික්ෂේපයි.
10:01 AM
No comments
විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට නියමිත සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය පළකරමින් ඔහු සමග සාකච්ඡාවකට සහභාගී වීමට අමාත්‍ය විමල් වීරවංශ මහතා ඉල්ලීමක් කර තිබී ඇති නමුත් මෛත්‍රී පාර්ශවයෙන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.
එලෙස ප්‍රතික්ෂේප කිරීමෙන් පසු විමල් වීරවංශ මහතා අද (21) පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාධ්‍ය සාකච්ඡාවට එක්වී ඇත. එම සාකච්ඡාව සඳහා ආමාත්‍යවරුන් ලෙස සහභාගී වී සිටියේ සුසිල් ප්‍රේමජයන්ත, විමල් වීරවංශ සහ කුමාර වෙල්ගම යන මහත්වරුන් පමණි.
එලෙස ප්‍රතික්ෂේප කිරීමෙන් පසු විමල් වීරවංශ මහතා අද (21) පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාධ්‍ය සාකච්ඡාවට එක්වී ඇත. එම සාකච්ඡාව සඳහා ආමාත්‍යවරුන් ලෙස සහභාගී වී සිටියේ සුසිල් ප්‍රේමජයන්ත, විමල් වීරවංශ සහ කුමාර වෙල්ගම යන මහත්වරුන් පමණි.
යන අය ගියාට කමක් නැතිලු - අගමැති දී මු ජයරත්න
9:45 AM
No comments
‘යන කෙනෙක් ගියාවේ. ඉන්න බැරි අය අපෙන් වෙන්වී ගියාම තමයි අපට තව තවත් ශක්තිය ලැබෙන්නේ. විසි අට දෙනෙකු අඩු වුණාට ආණ්ඩුවට තව අය ඉන්නවා. යනවා කියා පනින අය ගියොත් පනින්න වෙන්නේ වැවට.‘ යැයි අගමැති දී මු ජයරත්න මහතා මහනුවර දී කීවේය.
Subscribe to:
Posts (Atom)







