Friday, November 21, 2014

මෛත්‍රීපාල සහය දෙන්න ආපු විමල්ව ප්‍රතික්ෂේපයි.

විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට නියමිත සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය පළකරමින් ඔහු සමග සාකච්ඡාවකට සහභාගී වීමට අමාත්‍ය විමල් වීරවංශ මහතා ඉල්ලීමක් කර තිබී ඇති නමුත් මෛත්‍රී පාර්ශවයෙන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.

එලෙස ප්‍රතික්ෂේප කිරීමෙන් පසු විමල් වීරවංශ මහතා අද (21) පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාධ්‍ය සාකච්ඡාවට එක්වී ඇත. එම සාකච්ඡාව සඳහා ආමාත්‍යවරුන් ලෙස සහභාගී වී සිටියේ සුසිල් ප්‍රේමජයන්ත, විමල් වීරවංශ සහ කුමාර වෙල්ගම යන මහත්වරුන් පමණි.

0 comments:

Post a Comment